පානදුර වෙරළේ දියනාමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකුගේ ශරීරයේ ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශවිමෙන් ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශවූ ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව ඇති බවයි වාර්තා වන්නේ.

මැයි සහ අගෝස්තු යන මාසවල මෙම ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය නොගැඹුරු මුහුදේ ගැවසෙන බව හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදු රළ පෑගීම, කිමිදීම සහ වෙරළේ ගැවසීමේදී ඒ පිළිබඳ අවදානයෙන් සිටීම වැදගත් බවයි පරිසරවේදීන් දැනුම් දෙන්නේ.

Similar Posts