jethawanaya

අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූප පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය  බැකෝ යන්ත්‍රයක් යොදා හාරා පස් ඉවත්කර බරපතළ හානියක් කර තිබේ.

ස්තූපයේ උතුරු දොරටුව ආසන්නයේ අඩි දෙකහමාරක් තුනක් පමණ ගැඹුරට බැකෝ යන්ත්‍ර මගින් හෑරීම නිසා භූගත ස්මාරකවල කොටස් ගැලවී එම පැරණි ගඩොල් කැබලි මතු වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

ගෞතම බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර ක්‍රි.ව. 3 වන ශත වර්ෂයේදී මහසෙන් මහරජතුමන් ඉදිකරන ලද ජේතවන ස්තූපය ගඩොලින් නිර්මාණය කරන ලද ලෝකයේ විශාලතම ස්මාරකය වශයෙන් හැඳින්වෙන අතර ලෝක උරුම ස්ථානයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති උරුම ස්ථානයකි.

මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පවත්වන ලද්දේද ජේතවන ස්තූපය ඇතුළු ආරාම සංකීර්ණය පිහිටි මෙම නන්දන වනයේදී බව වංශ කතාවලින් අනාවරණය වී තිබේ.

More Stories