මෙම 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය එකිනෙකාට පරිභව කර ගනිමින් උණුසුම් ලෙස පැවැත්විණි.

බයිඩන් 81 හැවිරිදිය. ට්‍රම්ප්ට අවුරුදු 78 කි. ඇමෙරිකන් ජනාධිපතිවරණයකට මුහුණ දෙන වයස්ගතම අපේක්ෂකයන් දෙදෙනා වන්නේ බයිඩන් සහ ට්‍රම්ප්ය. බයිඩන්ට යළිත් වරක් ජය හිමිවුවහොත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත්තේ බයිඩන්ය.

2020 ජනාධිපතිවරණයේ ද ප්‍රධාන අපේක්ෂකයන් වූයේ බයිඩන් සහ ට්‍රම්ප්ය. කෙසේ නමුත් ට්‍රම්ප් ජනතා අප්‍රසාදයට පත් වී සිටින බැවින්, 2020 ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය විය.එම අවස්ථාවේ, බයිඩන්ගේ ජය පිළිගැනීමට පවා ට්‍රම්ප් කැමැති වූයේ නැත. ට්‍රම්ප් ජනාධිපති ධුරය හැර ගියේ නොසතුටිනි. ට්‍රම්ප් මෙම නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දෙවැනි ධුර කාලයක් ඔහුට ඉදිරි බැවිනි.

එදිරිවාදිකම් පවතින බැවින්, විවාදය සඳහා බයිඩන් සහ ට්‍රම්ප් වේදිකාවට ගොඩවූයේ එකිනෙකාට අතට අත දී ආචාර කිරීමක් නොකරය. ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී, ඇමෙරිකාවේ ආර්ථික කඩා වැටුණේ ට්‍රම්ප් නිසා යැයි බයිඩන් චෝදනා කළේය.

විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකන් සෙබළුන් කඩිමුඩියේ ඉවත් කිරීම ට්‍රම්ප්ගේ දෝෂදර්ශනයට හේතුවක් විය. අනවසර සංක්‍රමණිකයන්, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් ද ජනපති ධුර අපේක්ෂකයන් දෙදෙනා අතරේ උණුසුම් විවාද පැවැත්විණි.

ඇමෙරිකන් ජනාධිපතිවරණයක් පැවැත් වෙද්දී, ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් සජීවී රූපවාහිනී විවාද කීපයකට සහභාගී වෙයි. ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදාය එයයි.

බයිඩන් සහ ට්‍රම්ප්ගේ මෙම පළමු විවාදය පැවැත් වූයේ ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවරදීය. විවාදය මෙහෙයවීම කළේ සී.එන්.එන්. පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන් වන ජේක් ටැපර් සහ ඩානා බාෂ්ගේ මැදිහත් වීමෙනි.

Similar Posts