bus

ටිකට් පොත් ඉවර බව පවසමින් මගින්ට ටිකට් පත් නොදුන් පුද්ගලික බස් රථයකට එරෙහිව මධ්‍යම පලාත් මගි ප්‍රවාහන සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින් පරික්ෂනයක් ආරම්භ කර ඇත.

හැටන් මස්කෙළිය මාර්ගයේ ධාවනය කරනු ලබන මස්කෙළිය එස්. එස්. ප්‍රවාහන සේවයට අයත් පුද්ගලික බස් රථයේ ගමන් ගත් මගින්ට එහි කොන්දොස්තරවරයා විසින් මුදල් ලබා ගෙන ටිකට් පොත් නිමවි ඇති බවත් නුවරඑළිය කාර්යාලයෙන් ටිකට් පොත් ලබා නොදුන් බවත් පවසමින් ටිකට් පත් ලබා නොදිම පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට දැනුම් දිමත් සමග මෙම පරික්ෂන ආරම්භ කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි මධ්‍යම පලාත් මගි ප්‍රවාහන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පුද්ගලික බස් රථ සදහා අවශ්‍ය පමනට ටිකට් පොත් පවතින බවත් ටිකට් නොමැති බව පැවසිම පිලිගත නොහැකි බවත්ය.

පුද්ගලික බස් රථවල ගමන් ගන්නා සියලුම මගින්ට ටිකට් පත් ලබා දිමට එම බස් රථවල සේවය කරන කොන්දොස්තරවරුන් පියවර ගත යුතු බවත් එම තත්වයන් මත මෙසේ ටිකට් පත් ලබා නොදුන් කොන්දොස්තරවරයාට මෙන්ම එහි හිමිකරුටද එරෙහිව පරික්ෂන පවත්වන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

ටිකට් පොත් ලබා නොදිම පිලිබදව එම බස් රථයේ හිමිකරුගේ අංක 0777572329 දරණ දුරකථනයට කතා කර විමසිමෙදි ඔහු පවසන ලද්දේ අදාල කොන්දොස්තරවරයා ටිකට් පොත් නිමවි ඇති බව පැවසිම මුසාවක් බවත් ටිකට් පොත් තමන් සතුවද පවතින බවත් ටිකට් පොත නිමවි ඇත්නම් අලුත් ටිකට් පොතක් ලබා ගැනිමට එම කොන්දොස්තරවරයා පියවර ගත යුතු බවත්ය.

එමෙන් මගින්ට ටිකට් පත් නොදි මගින් අපහසුතාවයන්ට පත් කල මෙම කොන්දොස්තරවරයාට එරෙහිව කටයුතු කරන බවද ඔහු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories