නානුඔය සිට මහනුවර හරහා කොළඹ දක්වා ධාවනය වන ටිකිරි මැණිකේ මගී ප්රවාහන දුම්රිය අද දින (21) හැටන් හා කොටගල අතර පීලි පැනිමකට ලක්විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රි ස්ථානයේ නිලධාරියකු පවස ලද්දේ නානුඔය සිට මහනුවර හරහා කොළඹ බලා ධාවනය විමට නියමිතව තිබු ටිකිරි මැණිකේ මගි ප්රවාහන දුම්රිය 21වන දින උදැසන 7.10 පමන හැටන් හා කොටගල අතර ගල්කන්ද ප්රදේශයේදි පීලි පැනිමකට ලක්ව ඇති බවත්ය.
මෙම දුම්රියේ පෙට්ටි දෙකක් පිහිලි පැනිමකට ලක්ව ඇති බවත් එසේ පීලි පැනිමට ලක්වු පෙට්ටි නැවත පිහිලි ගත කිරිම සිදුකරන තෙක් මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්