නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ලබන ජුනි ,ජූලි මාස දෙක ඇතුළත ඩෙංගු අධි වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, මහරගම, මොරටුව, බත්තරමුල්ල, රත්මලාන, එගොඩඋයන, හන්වැල්ල, කොළඹ මහ නගර සභාව, කොලොන්නාව, පිටකෝට්ටේ, සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ඨාසවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, ගම්පහ, කටාන, කැලණිය, දොම්පෙ, මහර, බියගම, මිනුවන්ගොඩ, මිරිගම, රාගම සහ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, හොරණ, බේරුවල, ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මෙන්ම ත්‍රිකුණාමලය, උප්පුවේලි, මහනුවර,පූජාපිටිය,මාවනැල්ල,කෑගල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඩෙංගු අධි වසංගත කොට්ඨාස ලෙස නම්කර ඇත.

එසේ රෝගීන්ගෙන් වැඩිවීමක් ඇතිවුවහොත් එය රෝහල් පද්ධතියට දැරිය නොහැකි තත්ත්වයක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.මේ වනවිට දෛනිකව ඩෙංගු රෝගීන් තුන්සියයත් හාරසියත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගින්ගේ සීඝ්‍ර වර්ධනයක් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි.

දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතින් පරීක්ෂා කර වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සහ පළමු රුධිර පරීක්ෂාවෙන් ඩෙංගු රෝගීන් හඳුනා නොගතහොත් කිහිප වාරයක් රුධිර පරික්ෂණ සිදුකරන ලෙස ද වෛද්‍යවරු දැනුම් දෙයි.

More Stories