dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුල මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට දැක්වෙන්නේ 2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු මරණ 26ක් සහ රෝගීන් 45,269ක් වාර්තා වී ඇති බවයි.

හමුවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් අඩක්ම බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රදේශ 60 කට අධික ප්‍රමාණයක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

පවතින තත්වය මත ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රට පුරා ජනතාව දැනුවත් කිරීමේ සහ ඩෙංගු මර්දන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත.

More Stories