මියගිය ඩොල්ෆින් මසුන් 11දෙනෙක්ගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබෙනවා.මේ පිළිබඳව මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ සහ ඩබ්. එල්. යූ. මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් මසුන්ගේ මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.ඒ අනුව ඔවුන් අනුමාන කර ඇත්තේ මෙම මසුන් දැලක පැටලී මියගොස් ඇති බවයි.