තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුල් වැවේ මසුන් විශාල වශයෙන් හදිසියේ ම මියගොස් තිබේ.

දිනෙන් දින මෙම මසුන් මිය යන ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර මසුන් මිය යාමත් සමඟ ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම සෞඛ්‍යගැටලුවක් ද නිර්මාණය වී තිබේ.

මෙම වැවෙන් ජලය ලබා ගෙන ප්‍රදේශයේ කුඹුරු අක්කර සිය ගනනක් වගා කටයුතු සිදු කරන අතර එම ගොවින් ද මෙම ජලය වගා කටයුතු සඳහා යොදා ගැනීමට මැලි වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

බලධාරීන් දැනුවත් කලද මේ වන තෙක් මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීමට නොපැමිණි බව පවසන ප්‍රදේශයේ ජනතාව මෙම ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

Similar Posts