තණමල්විල පොලිස් වසමේ කිවුලආර ප්‍රදේශයේදී සරුවට වගා කරතිබු ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් වටලා තිබේ.

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.මෙම ගංජා වගාව පවත්වාගෙන ගිය බවට පැවසෙන පුද්ගලයෙකුද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 25 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.එහි දී නීති විරෝධී ලෙස වගාකර කිබු අඩි 0.5 ක් පමණ උස ගංජා පැල 2,500 ක තවානක් සහ අඩි 0.5ක් පමණ උස ගංජා පැල 5,000ක තවානක් ගිනි තබා විනාශ කිරීමටයි නිළධාරීන් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Similar Posts