weather today at my location

තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක් ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, ඊයේ පෙරවරු 8.30 සිට අද පෙරවරු 4.30 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වර්තා වන්නේ, කොළඹ ප්‍රදේශයටයි.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි තත්ත්වයේ වැඩි අවදානම් දිස්ති‍්‍රක්ක 12 ක් නම් කර තිබෙනවා. කොළඹ, කලූතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල සහ මාතර එලෙස තද වැසි පිළිබඳ අවදානම් නිකුත් කර ඇති දිස්ති‍්‍රක්කයි.

එම දිස්ති‍්‍රකකවලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

කොළඹ ඉඟුරුකඩේ හංදිය ,ගාමිණි වටරවුම ,තුම්මුල්ල ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

More Stories