තමන් ජනාධිපති මැතිවරණයට තරග කරනුයේ දිනන්න නොව කියන්න බව මෛලයග අරියසල් අරංගම් නායක ජනාධිපති අපේක්ෂක එම්. තිලකරාජ් මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. තිලකරාජ් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
1948 වර්ෂයේදි නිදහස ලැබිමෙන් පසුව 1949 වර්ෂයේදි පාර්ලීමේන්තු පනතකින් මේ වතුකර ජනතාවගේ පුරවැසි අයිතිය අයින් කලා එයට පසුව 1977 තමයි ඡන්දයකින් වතුකරයේ අයකු පාර්ලීමේන්තුවට ගියේ.
එතන සිට වරින් වර මෙම වතුකර ප්‍රදේශවලින් කිප දෙනකු ඡන්දය ඉල්ලා පාර්ලීමේන්තුවට ගියත් මට අවශ්‍ය වුනා මේ වතුකරයෙන් ජනාධිපති මැතිවරණයකටත් අයකුට තරග කරන්න පුලුවන් කියලා පෙන්වන්න.
මෙවර ජනාධිපති මැතිවරණයට තරග කරන එක් අයකුට රුපියල් කෝටි 200ක් පමන වැය වන බව කියනවා මේ වැය කරන මුදලින් එක් අවුරුද්දකට රුපියල් කෝටියක් වතුකරයට වියදම් කලානම් මේ තරම් ප්‍රශ්න මේ වතුකර ජනතාවට නැහැ.
මේ රටේ ආර්ථිකයට වැඩි වශයෙන් දායකත්වය ලබා දිමටත් මේ රටේ ආර්ථිකය සවිමත් කරන්නත් වැඩි වශයෙන් කටයුතු කරන්නේ මේ වතුකරයේ ජනතාවයි එත් වතුකර ජනතාවට කරන්නේ අකටයුතුකම් එසේ වතුකර ජනතාවට මේතරම් කාලයක් කරපු දේට වන්දිය තමයි මගේ අපේක්ෂත්වය වෙනුවෙන් වැය කරන්නේ.
මේ වන විට මේ වතුකර ජනතාව වලක වැටිලා ඉන්නේ මට අවශ්‍ය ඒ ජනතාව වැටුන වලෙන් ගොඩ ගන්න මම මේ මැතිවරණයේදි වතුකර ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිලිබදව අනිකුත් අපේක්ෂකයන් සමග කතා කරනවා එමෙන්ම මේ වතුකර ජනතාවට කරපු දේවල් නොකරපු දේවල් පිලිබදවත් මේ රටට මෙන්ම ජාත්‍යන්ත්‍රරයටත් කියනවා එකයි මම මුලින් පැවසුවේ මම මේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුනේ දිනන්න නොවෙයි කියන්න කියලා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts