මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී අදට වසර 12 ක් ගතවේ ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක යෙදුනාය.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි.

එනම් 2010 ජනවාරි 24 වැනිදාය. ඔහු හදිසියේ අතුරුදන්වීම බොහෝ දෙනාට අදහාගත නොහැකි සිදුවීමක් විය.

Similar Posts