තලංගම කොස්වත්ත හීනටි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 6 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින් මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි
එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක් ,මත්කුඩු ග්‍රෑම් 10 හා මිලිග්‍රෑම් 50 ක් ,ජංගම දුරකථන 4 ක් ,විද්‍යුත් තරාදි 2 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් විසි දහසක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත
මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම මත්ද්‍රව්‍ය පානයට දැඩිය ඇබ්බැහිව සිටින පුද්ගලයන් බවට තලංගම පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව දින ගණනාවක් තිස්සේ එම පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිස් උපාය දූතයන් යොදවා තහවුරු කර ගත් තොරතුරු අනුව වැටලීම් සිදු කළ බව පොලිස් නිලධාරීයෙකු පැවසීය
එක් සැකකරුවෙක් අයිස් මත්ද්රව් සමග ඔහුගේ නිවසේ දීද අනෙක් සැකකරු මත්කුඩු ,විද්‍යුත් තරාදි ,ජංගම දුරකථන 2 ක් සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන මුදල් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
මෙම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය රාජගිරිය ප්‍රදේශයෙනුත්,හොරෙයින් මත්කුඩු අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශයෙනුත් රැගෙන විත් ජාවාරම සිදු කරන බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
වයස අවුරුදු 20 සහ 40 අතර පසුවන සැකකරුවන් දෙදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් දිල් රුක් මහතාගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඒ.මුදිත ප්‍රියංකර ,උප පොලිස් පරීක්ෂක ප්‍රභාෂ්වර,කොස්තාපල් වරුන් වන 68571 දයාවංශ ,81624 මුණසිංහ ,82071 චාමික,91392 කුමාර ,93404 සෙනෙවිරත්න මහත්වරු පරීක්ෂණ පවත්වයි
සමීර අබේසිංහ – බොරලැස්ගමුව