කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකුගේ මරණ වාර්තා විය.
මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ 19 න් 14 හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ඊයේ හඳුනා ගනු ලැබූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස 591ක් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. සීදුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 95ක්, වත්තල 50ක්, කැලණිය 33ක්, මිනුවන්ගොඩ 31ක්, කඩවත 30, ජා- ඇල 36, නිට්ටඹුව 25ක්, කාටුනායක 23, මීගමුව 20ක් ලෙස වාර්තා වී ඇත.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 434 දෙනෙකු වාර්තා වී ඇත. සෙසු පිරිස වෙනත් දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.
දිස්ත්‍රීක් 03කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් අද අළුයම 05 සිට හුදෙකලා කෙරුණා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කෙරවලපිටිය, වත්තල, හේකිත්ත, පල්ලියවත්ත දකුණ යන ග්‍රාම නිලධාරීවසම් සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ ගල්උඩුපිට සහ මත්තුමගල යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාගොඩ දකුණ ග්‍රාම සේවා වසමේ විජිත මාවත සහ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ විද්‍යා සාගර ග්‍රාම සේවා වසමේ බෝ සිරිපුර කොටස සහ මහවස්කඩුව උතුර යන ග්‍රාම නිලධාරී වසම්ද අද අළුයම 05 සිට හුදෙකලා කෙරුණා. යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර යන ග්‍රාම සේවා වසම්ද අද අළුයම 05 සිට හුදෙකලා කර ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
මේ අතර තවත් ග්‍රාම නිලධාරී වසම් 08ක් අද අළුයම 05සිට හුදෙකලා කෙරුණා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ කොග්ගල 01, කොග්ගල 02, මීගහගොඩ, මාලියගොඩ සහ පියදිගම බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය, මාම්පේ නැගෙනහර යන ග්‍රාම නිලධාරී වසම් සහ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසමද අද අළුයම 05සිට හුදෙකලා කෙරුණා.
කොවිඩ් සැක සේවකයකු හමුවීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා එහි සෙසු සේවක පිරිස් නිරෝධායනයට යොමුකර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.