බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවිමත් සමග එම ප්‍රදේශයට 23වන දින රාත්‍රියේ සිට සංචරණ සිමා පැනවිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මෙම ආසාදිතයන් මෙයට පෙර එම වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස ස්වයං නිරෝධානයට ලක් කර සිටි පිරිසක් සදහා කරන ලද පි. සි. ආර්. වාර්ථාවන් ලැබිමෙන් පසු ආනාවරණයවු පිරිසක් බවද එම නිලධාරියා පවසන ලදි.
මෙම 11දෙනා කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් වශයෙන් හදුනා ගත් 75 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පවසන ලදි.
මෙම වතුයායෙන් මෙසේ කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවිමත් සමග කොවිඩ් පැතිරයාම පාලනය කිරිම සදහා එම වතුයායට සංචර සිමා පැනවිමට පියවර ගත් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්