ඇදිරි නිතිය පවතින කාලය තුලදි හැටන් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කැඩිම පිලිබදව හැටන් පොලිසිය පුලුල් පරික්ෂන ආරම්භ කර ඇත.

24වන දින රාත්‍රියේ යම් කිසි පිරිසක් විසින් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කඩා එහි තිබු මත් පැන් පැහැර ගෙන යාමට උත්සහා කලද එය ව්‍යාර්ථවි ඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

කාසල්රි ප්‍රදේශයේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් පුහුණු මධ්‍යස්ථානයක් අසල මෙම මත් පැන් හල පිහිටා ඇති බවත් එම මත් පැන් හල 24වන දින රාත්‍රියේ යම් කිසි පිරිසක් විසින් කැඩිමේදි එහි ශබ්දය ඒ අසල පිහිටි නිවාස හිමියන්ට ඇසි ඒ පිලිබදව හැටන් පොලිසියටද දන්වා වැඩි දුර සොයා බැලිමේදි එම සොරුන් පලා ගොස් ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මෙයට පෙරද ඇදිරි නිතිය පවතින කාලයන් තුලදි මත් පැන් හල් කිපයක්ම කැඩිම් සිදුව ඇති බවත් මේ පිලිබදව පුලුල් පරික්ෂන ආරම්ශ කර ඇති බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

More Stories