types of law what is the full meaning of law importance of law laws list what is law in criminology nature of law

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වී ඒකමතික ව මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති නීතීඥ කෞශල්‍ය නවරත්න මහතා සඳහන් කරයි.

එම සංගමය (23) පැවති සාකච්ඡාවකදී ඒකමතිකව තීරණය කර ඇත්තේ, මෙම පනත් දෙක, මානව නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආදිපත්‍යයට දැඩි සේ බලපාන බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ පාර්ශවයන්ගේ කිසිඳු අදහස් විමසීමකින් තොරව, මෙම පනත් කෙට්මුපත් කර ඇති බවද ඔවුන් පෙන්වා පවසයි.

මෙලෙස සමාජයට බලෑම් එල්ල කළහැකි පනත් හදුන්වාදීමට පෙර අදාළ පාර්ශව සමග හරවත් සංවාදයක් ඇති කරගැනීම වැදගත් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා,

“මේ පනත් දෙකේම තියෙන අන්තර්ගතයන් නීතිය බවට පත්වුවහොත්, සම්පූර්ණයෙන් මේ රටේ මහජනතාවගේ අයිතිවාසිකම් යටපත් කිරීමකට ලක් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණයක් ගත්තා. රජයට බල කරන්න මේ පනත් දෙකම නීතියක් බවට පත් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා. මේ පනත් ඉදිරිපත් කිරීමට පෙර ඒ අදාළ ආයතනයන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකි දැනුම තියෙන සමාජ ක්‍රියාකාරීන් සහ සමාජයේ මේ සම්බන්ධයෙන් කථිකාවක් ඇති කරලා සමාජයට වැඩදායි වෙන ආකාරයෙන් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් යටපත් වන ආකාරයෙන් පනත් ඉදිරිපත් කිරීමට පියවරක් ගන්න කියන බල කිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලෙස අපි ඉදිරියේ දීත් සිදු කිරීමට අපි බලාපොරෙත්තු වෙනවා.”

More Stories