ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

එම කවුන්සිලය පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වන ප්‍රවේශයේ අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂයක් විය යුතු බවයි.

යෝජිත කෙටුම්පත ඉවත් කරන ලද පෙර පැවත පනතට සැලකිය යුතු ලෙස සමාන බව එම කවුන්සිලය සඳහන් කරයි.

එය ‘ත්‍රස්තවාදයේ’ ක්‍රියාවන් පුළුල් ලෙස නිර්වචනය කරන බැවින් විශේෂයෙන් රැඳවුම් නියෝගවල නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇපකරවල විෂය පථය සීමා කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

එමෙන්ම රැඳවුම් ස්ථාන නිරීක්ෂණයට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව ද මෙමගින් සීමා කරන බව සඳහන්ය.

පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, එවැනි බලතල අනිසි ලෙස භාවිත කිරීමට විධායකයට අධික බලතල ලබා දෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් පෙන්වා දී ඇත.

පනත් කෙටුම්පත සැලකිය යුතු ලෙස සංශෝධනය කර එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සමඟ සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙස සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වන ආකාරයෙන් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

More Stories