මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස්  තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ස්විස්ටර්ලන්ත රජය ශ්‍රි ලංකා බලධාරීන් වෙත දන්වා තිබේ.

පසුගිය සදුදා (25) දින  මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් පැය දෙකක කාලයක් ප්‍රශ්න කිරිමකින් පසුව  තර්ජනය කර මුදා හැර ඇති බව ඇති බවට පලවී තිබු මාධ්‍ය වාර්තා සත්‍ය බවට ඊයේ (27) දින ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර ඇත.

ස්විස්ටර්න්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ  ප්‍රකාශක පියරේ-ඇලන් එල්ට්ෂින්ගර් පවසා සිටින්නේ  තානාපති කාර්යාලයේ තොරතුරු හෙලිකරන ලෙස නාදුනන පිරිසක් සිය සේවිකාවට  තර්ජනය කර ඇති බවය. විශේෂයෙන්ම ඉකුත් ඉරිදා දින විදේශගත වු පොලිස් පරික්ෂකවරයා පිලිබඳ ඇගෙන් විමසා ඇති බවද පැවසේ. මේ පිලිබඳ විමසීමට වහාම ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද බර්න්හි විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇත.

ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් හා සම්පූර්ණ පරික්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පැමිණිවිමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බවය.

ශානිකා මාධවී

More Stories