තිදෙනකුට මරු කැදවමින් තවත් පනස් දෙදෙනකුට තුවාල සිදු කරමින් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සිදුවු මාරක බස් රථ අනතුර එහි රියදුරුගේ නොසැලකිලිකම මත සිදුවුවක් බවට මුලීක පරික්ෂණවලදි හෙල්ව ඇති බව හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි.

හැටන් සිට මහනුවර දක්වා 21වන දින ධාවනයවු පුද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව තානායම අසල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එහි ගමන් ගත් තිදෙනකු මිය ගොස් තවත් පනස් දෙදෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත.

මෙම අනතුර සිදුවු අවස්ථාවේදි  එම අනතුරින් තුවාල ලැබු පිරිස එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු රථ වාහනවලින් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත රැගෙන යාමට හැටන් පොලිස්යේ නිලධාරින් හා ප්‍රදේශයේ ජනතාව විසින් පියවර ගන්නා ලදි.

මෙම අනතුරින් තුවාල ලැබුවන් රෝහල් ගත කිරිමෙන් අනතුරුව  මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ප්‍රදේශයේදි සිදුවු බස් රථ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකල තුවාලකරුවන් අතරින් තිදෙනකු මිය ගොස් ඇති බවත්ය.

සෙසු තුවාලකරුවන් අතරින් බරපතල තත්වයේ පසුවු තුවාලකරුවන් 07 දෙනකු වැඩි දුර ප්‍රථිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගත් බවත් අනිකුත් තුවාල කරුවන් මෙම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවද එම නිලධාරියා පැවසිය.

මෙම අනතුර පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසන ලද්දේ 21වන දින සිදුවු බස් රථ අනතුරින් තිදෙනකු මිය ගොස් තවත් පනස් දෙදෙනකු තුවාල ලබා ඇති බවත්ය.

එම තුවාලකරුවන් අතරින් බරපතල තත්වයේ පසුවු හත් දෙනකු වැඩි දුර ප්‍රථිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවිමට දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ වෛද්‍යවරුන් විසින් පියවර ගෙන ඇති බවත් මෙම අනතුර හේතුවෙන් තුවාලකරුවන් අතර සිටි අවුරුදු 12ක ලමයකු හා අවුරුදු 57ක් වයසැති පිරිමි පුද්ගලයකු හා අවුරුදු 58ක් පමන වයසැති කාන්තාවක් මිය ගොස් ඇති බවද ඔහු පැවසිය.

මෙම අනතුර එම බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනයෙන් සිදුවු අනතුරක් බවට මුලීක පරික්ෂනවලින් හෙලිව ඇති බවත් ඔහුගේ ප්‍රශ්න කිරිම්වලදි රියදුරු අසුන අසල දොර විවෘත විමත් සමග එම දොර වැසිමට තැත් කිරිමේදි බස් රථය පෙරලුන බව පවසා ඇති බවත්ය.

කෙසේ වුවද මෙම අනතුර එම බස් රථයේ රියදුරුගේ නොසැලකිලි  රිය ධාවනය හේතුවෙන් පෙනි යන හෙයින් ඔහු අත් අඩංගුවට ගෙන ප්‍රථිකාර සදහා යොමු කර ඇති බවත් මෙම අනතුර පිලිබදව පුලුල් ලෙස වැඩි දුර පරික්ෂන පවත්වා නිතිය ක්‍රියාත්මක කරන ලෙස අදාල නිලධාරින්ට උපදෙස් ලබා  දුන් බවද ප්‍රදිප් වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories