හොරු ඇල්ලී­මට පව­තින නීති රීති­ව­ලට වඩා ශක්ති­මත් නීති රීති හඳුන්වාදෙමින් රජය ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළට සම­ගා­මීව මේ මෙහොතේ අත­වශ්‍ය වන්නේ තිර­සාර ආර්ථික වර්ධ­න­යක් සඳහා අවශ්‍ය නීති රීති කඩි­න­මින් ගෙනැ­විත් ආර්ථි­කය සවි­බල ගැන්වීම බව ජමෙ­යිකා තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ජන­ප­ති­ව­ර­යාගේ නාය­ක­ත්ව­යෙන් ගතවූ දෙව­ස­රක කාලය තුළ නව නීති 75කට වඩා ප්‍රමා­ණ­යක් ගෙනැ­විත් නීති පද්ධ­තිය ශක්ති­මත් කිරීම කර තිබෙන බව පැවසූ මහා­චා­ර්ය­ව­රයා නව දූෂණ විරෝධී පනත හරහා රටේ නීති පද්ධ­තිය ශක්ති­මත් කොට ඇතැයි ද කීය. ඒ අනුව රාජ්‍ය ආය­ත­න­වල අල්ලස දූෂ­ණය වංචාව පම­ණක් නොව පෞද්ග­ලික අංශයේ ආය­ත­න­වල පවා එම දුබ­ලතා මැඬ­ලී­මට පිය­වර ගත හැකි බව ද පෙන්වා දුන්නේය. “ශ්‍රී ලංකාව වැනි රට­කට මේ මොහොතේ ඉතා අත්‍ය­වශ්‍ය වන්නේ නව ආයෝ­ජන ගෙන ඒමයි. දේශීය ආයෝ­ජ­න­ව­ලට අම­ත­රව ඍජු විදේ­ශීය ආයෝ­ජන ගෙන ආ යුතුයි. මේ සඳහා පෙල­ඹෙන විදේශ ආයෝ­ජ­ක­යන් අප රටට පැමි­ණී­මට පෙර ලෝක දූෂණ විරෝධී දර්ශ­ක­යෙහි අප රට සිටින තැන පිළි­බඳ සොයා බල­නවා. එය ඉහළ තැනක තිබේ නම් ඔවුන්ගේ පැමි­ණීම ප්‍රමාද කර­නවා. නැති­නම් එන්නේම නැහැ. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල පවා මෑත­කදී අපට දූෂ­ණය නතර කරන ලෙසට දැඩි කොන්දේසි පනවා තිබෙ­නවා” යැයිද ප්‍රතිභා මහා­නා­ම­හේවා මහතා පැව­සීය.

“මෙම නිසා වත්මන් ආණ්ඩුව ගත් නීති ප්‍රති­සං­ස්ක­රණ ඉතා වැද­ගත්. යම් ආයෝ­ජ­න­යක් දිනා ගැනී­මට යෑමේදී රාජ්‍ය ආය­තන ගණ­නා­වක සේවා ලබා­ගත යුතුයි. එමෙන්ම අනු­මැ­තීන් ලබා­ගත යුතුයි. මේවා ලබා ගැනී­මේදී අල්ලස් දූෂණ සිදු­වීම් වැළැ­ක්විය යුතුයි. රාජ්‍ය ආය­ත­න­වල පම­ණක් නොව පෞද්ග­ලික ආය­ත­න­වල සිදු­වන මෙවැනි දේ පවා දුර­ලී­මට දූෂණ විරෝධී නව පන­තින් ඉඩ ලැබී තිබෙ­නවා. එය සාර්ථ­කව ක්‍රියා­ත්මක විය යුතුයි.

අප වැනි රට­වල විදේශ ආයෝ­ජන දිනා ගැනී­මේදී බාධා රාශි­යක් මතුවී තිබෙ­නවා. බොහෝ සේවක වැඩ­ව­ර්ජන, යල් පැන ගිය කම්කරු නීති, නිල­ධා­රි­වා­දය ඒ අතර ප්‍රධා­නයි” යැයිද ප්‍රතිභා මහා­නා­ම­හේවා මහතා කීය.

Similar Posts