පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය සම්බන්ධ අභියාචනාධිකරණ නඩු තීන්දුව අධ්‍යයනයෙන් පසුව හැකි ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට අදාල පෙත්සම් කරුවන්ගේ නීතිඥ මණ්ඩලයක් විසින් අවශ්‍ය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ගෝඨභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් පසුගිය ඔක්තෝබර් 4 වන දින ත‍්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලකින් සමන්විත අභියාචානාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය. එම පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමට අදාල පිටු 43 කින් සමන්විත නඩු තීන්දුව දින 11කට පසුගිය ඔක්තෝබර් 15 වන ප‍්‍රකාශයට පත්කර නිකුත් කරනු ලැබීය.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ වෙත මෙම පෙත්සම ඉදිරිපත්කළ දිනයේ සිට විවිධාකාරයේ තර්ජන, බියවැද්දීම්, මඩ ප‍්‍රචාරයන් සිදු කරනු ලැබූ අතර, අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුව එහි තරමක අඩුවීමක් ඇති බව වාර්තා වන අතර, නැවතත් මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන ගියහොත් ඉහත මැර කණ්ඩායම් හි කි‍්‍රයාකාරීත්වය වර්ධනය වීමට බොහෝ ඉඩ ඇත.

More Stories