තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන පසුගියදා එම කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඒ බව අනාවරණය විය.

එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පනස් දෙනකු 2016 වසරේ අගෝස්තු 5 වැනිදා මෙරටට පැමිණ ඇති බවත්, එම ත්‍රස්තවාදීන්ගේ තොරතුරු විදෙස් ගමන් බලපත්‍ර අංක සමග පිටු 12 ක රහස්‍ය ලිපියකින් තුර්කියේ මෙරට තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදී ඇති බවද ඇය කොමිසම හමුවේ පැවැසුවාය.

More Stories