advanced level

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් අවසන් වන අතර  2020 වර්ෂයේ පළමු පාසල්වාරය ජනවාරි 02වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ලබන වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් වව්චර් පත් මෙතෙක් ලබා දී නොමැති බවත් ජනවාරි 02 වන සතිය වනවිට එම වව්චර් පත් ලබා දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යයංශය සදහන් කරයි

මේ අතර අද දින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වාගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

දිවයින පුරා මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තෙවැනි පාසල් වාරය අවසන් වන දින හා 2020 පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වාගැනීම‍ට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

More Stories