thai

හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි තුබු අතර එම තෛයි පොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හිංදු ජනතාව කටයුතු කරන ලදි.

වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛයි පොංගල් උත්සවය සැමරිමට හිංදු භක්තිකයන් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවරද තෛයි පොංගල් උත්සවය සිමිත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් සැමරිම සිදු කරන ලදි.

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන 14වන දින හැටන් ශ්‍රි මාණික්ක පිල්ලේයාර් හිංදු දේවාලය, හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මාවඩි පත්තිනි දේවාලය ඇතුළු වතුකරයේ හිංදු දේවාලවල වීශේෂ පුද පුජා පැවැත්විම සිදු කරන ලදි.

මෙහි අදහස් දැක්වු හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මාවඩි පත්තිනි දේවාලයේ ප්‍රධාන පුජක සිවශ්‍රි විමලදාසන් බාලකුමාර් සර්මා පුජකතුමන් පවසන ලද්දේ පවතින කොවිඩ් වසංගතය හේතුවෙන්  සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය උපදෙස් මත මෙම තෛයි පොංගල් පුජාව පැවැත්විමට කටයුතු කල බවත් මෙහිදි මෙම රට තුල පවතින කොවිඩ් වසංගතය දුරුවි මේ රට ධන ධාන්‍යයෙන් පිරි සියලු රට වැසියන්ට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කිරිමට පියවර ගත් බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories