ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව තිබේ.

වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට වන අතර නේපාලය දෙවන ස්ථානයේ පසුවෙයි.

එමෙන්ම ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පාකිස්ථානය හත්වැනි ස්ථානයේත් පසුවන බව සඳහන්.ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානය හිමිව ඇත්තේ අයිස්ලන්තයට බවයි වාර්තා වී ඇත.

එමෙන්ම දෙවන ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නොර්වේ රාජ්‍යය තෙවන ස්ථානයේත් නවසීලන්තය සිව්වන ස්ථානයේත් ස්වීඩනය පස් වන ස්ථානයේත් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Similar Posts