ඉකුත් වසර දෙකට වඩා මේ වසරේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තිබෙන බව එම නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවසුවේය.

වයස අවුරුදු දෙකත් පහත් අතර බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය ඉකුත් 2020 වසරට වඩා මේ වසරේදී තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.එය ප්‍රතිශතයක් ලෙස සියයට 1.7 ක් බවද ප්‍රධාන වෛද්‍යවරයා කීවේය.

උග්‍ර තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පසුවන දරුවන්ගේ යම් වැඩිවීමක් පවතින බවද ඔහු පැවසුවේය.

යුනිසෙෆ් සංවිධානයේ සහයෝගය ඇතිව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පෙර පාසල්වල දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයිද ප්‍රධාන වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේය.

More Stories