රට තුළ විකි­ණෙන ආන­ය­නික ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් වෙසක් කූඩු නිසා­වෙන් දේශීය වෙසක් කූඩු නිර්මා­ණ­ක­රු­වන්ගේ නිෂ්පා­දන විකුණා ගැනී­මට දැඩි අප­හ­සු­තා­ව­යක් පව­තින බවත්, එම­ඟින් රට තුළ සිටින දරු පර­පුරේ නිර්මා­ණ­ශී­ලී­තා­වය, ඉව­සීම සහ අව­බෝ­ධය වැනිදේ ඔවුන්ගේ සිත්ව­ලින් මැකී ගොස් ඇති බව වෙසක් කූඩු නිෂ්පා­ද­කයෝ පව­සති.

උණ බට කපා­ගෙන ඇවිත් ඒවා ක්‍රම­වත් ලෙස සකස් කර­ගෙන වෙසක් කූඩු නිර්මා­ණය කිරීම තුළින් ඉව­සීම, ජීවි­තය පිළි­බඳ අව­බෝ­ධය, නිර්මා­ණ­ශීලී බව හා සහ­යෝ­ගී­ත්වය වැඩි දියුණු කර ගැනී­මට දරු­වන් සහ වැඩි­හි­ටි­යන් සිය­ලුම දෙනාට උප­කාරී වන බවද ප්ලාස්ටික් වෙසක් කූඩුව තුළින් එම කිසි­වක් නිසි­යා­කා­රව ලබා ගැනී­මට නොහැකි බව වෙසක් කූඩු නිර්මා­ණ­ක­රු­වන් මෙහිදී පෙන්වා දුන්හ.

රජයේ අවශ්‍ය බල­ධා­රීන් මැදි­හත් වී පිට­ර­ටින් ගෙන්වන මෙම වෙසක් කූඩු නව­තා­ලී­මට කට­යුතු කරන ලෙසද ඔවුහු මෙහිදී ඉල්ලී­මක් කර සිටි­යහ.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ පණ්ඩු­ල­ගම ප්‍රදේ­ශයේ පදිංචි 64 හැවි­රිදි කේ.බී. ගාමිණී සිල්වා මහතා මෙසේ පැව­සීය. මම දැන් වසර 20කට වැඩි කාල­යක් තිස්සේ උණ බට­ව­ලින් වෙසක් කූඩු නිෂ්පා­ද­නය කරනු ලබ­නවා, මම මෝට­ර්මැ­කෑ­නික් රස්සාව තමයි කළේ. දැන් අස­නීප තත්ත්වය හේතු­වෙන් තමයි මේ කූඩු හදන්නේ. දැන් අමු­ද්‍රව්‍ය හොයා ගන්න ලේසි නැහැ. සාලි­ය­පුර පැත්තේ ගිහිල්ලා තමයි ඇළ මාර්ග­වල ගමන් කරලා කඩන් වැටුණු උණ බට තමයි හොයා ගෙන එන්නේ. ඒවා මැරිලා කඩන් වැටිලා දිරච්ච ගස්. ඒවා අරන් එන්නේ ලොරි කුලී දීලා. අරන් ආවට පස්සේ කම්බි­ව­ලට රබ­ර්ව­ලට වෙනම මුද­ලක් වැය වෙනවා. ඒ බට කෑලි­ව­ලට කපා ගන්නේ වඩු මැෂින් එක­කින්. එත­න­ටත් කුලි­යක් දෙන්න ඕනේ. මොකද මං අවු­රු­ද්ද­කට කූඩු 5000කට වැඩිය හද­නවා. අතින් කපන්න ගියොත් වෙනම කාල­යක් ගත වෙනවා. හැබැයි දැන් නම් කූඩු පන්දා­හක් විකුණ ගන්න බෑ. ඒ කාලේ තමයි විකි­ණුවේ.

ඉස්සර නම් කොළ අල­වලා තමයි විකු­ණන්නෙ. දැන් ඕඩ­ර­යක් දුන්නොත් විත­රයි සවු­කොළ අල­වන්නෙ. මොකද ඉස්සර අපි ටිෂූ කොළ­යක් මිලදී ගත්තේ සත පන­හයි, රුපි­ය­ලයි, එකයි පන­හක මුද­ල­කට දැන් කොළ­යක් රුපි­යල් දහ­යයි, දොළ­හයි. එහෙම අල­වලා මිලක් නියම කරන්න බැහැ. අපේ මහ­න්සි­යට පම­ණක් සුළු මුද­ලක් තියා­ගෙන විකු­ණ­න­කොට ඊට දෙගු­ණ­ය­ක­ටත් වඩා අඩු මුද­ල­කින් වෙළෙඳ පොළේ ප්ලාස්ටික්, ආන­ය­නික කූඩු වර්ග බොහෝ­ම­යක් විකු­ණන්න තියෙ­නවා.

More Stories