දළඹුවකුගේ රුවට සමාන බවකින් යුක්ත විශාල ප්‍රමාණයේ පණු විශේෂයක් වනාතවිල්ලුව ප්‍රදේශයේ ගෙවත්තකින් හමුව ඇති බවත්, ස්වභාවික පරිසරය තුළ ජෛව විවිධත්වට අනුව විවිධ සතුන් ජීවත් වුවද මෙම අරුම පුදුම පණු වර්ගය මීට පෙර මෙම ප්‍රදේශයෙන් හමුවී නොමැති බව නිවැසියන් පවසයි.

අදාළ පණු විශේෂය දිගින් අඟල් 5 – 6 ක්, වන අතර, අඟල් 2ක් පමණ මහතකින් යුක්ත කොළ පැහැයෙන් යුක්ත සමක් මතුපිටින් දක්නට ලැබේ.

මෙම පණු විශේෂය කාන්ති මහත්මියගේ ගෙවත්තේ මල් ගසක සිට හමුව ඇත. මොවුන්ගේ සිරුරේ බඩ කොටසෙහි කුඩා කකුල් කිහිපයක් දක්නට ලැබෙන අතර, එම කකුල් මඟින් ගස්වල අතු තදින් අල්ලා සිටිනු දැකගත හැකිය.

මීට පෙර මෙම පණු විශේෂය මෙම ප්‍රදේශයෙන් හමුවී නොමැති අතර, මොවුන් පැයක් වැනි කෙටි කාලයක් තුළ ශාකවල පත්‍ර සියල්ලම කාදමන බවයි ඇය පවසා සිටියේ. අධික විෂකින් යුක්ත මෙම පණු විශේෂය සමාජ ව්‍යවහාරයේ ගෝන මරුවා නමින් හඳුන්වනු ලබන බවද පවසයි. වනාන්තරවල සැරිසරණ මුවන් ගෝනුන් තණ බුදින අවස්ථාවන්වලදී එකවරම ඔවුන්ගේ දිවට මෙම පණුවන් තුඩෙන් දෂ්ට කිරීමෙන් ගෝනුන් මුවන් මියයාම හේතුවෙන් මෙම පණු වර්ගය ගෝනමරුවන් ලෙස හඳුන්වනු ලබන බවද පවසයි.

Similar Posts