ද්‍රවිඩ ජනතාව මහත් ඉහලින් සමරන දිපවාල උත්සවය සදහා අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට 30වන දින විශාල පිරිසක් හැටන් නගරයට පැමිනෙන ලදි.
දිපවාලි උත්සවය නිමිති කර ගෙන හැටන් නගරයේ විවිධ ස්ථානවල තාවකාලික වෙළද කුටි ඉදි කර ඇති අතර එම වෙලද කුටිවලින් තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට නගරයට පැමිනෙන පිරිස් පියවර ගෙන ඇත.
දිපවාලි උත්සව වෙනුවෙන් බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හැටන් මුලස්ථාන පොලිසිය විසින් වීශේෂ ආරක්ෂාවක් යෙදවිමටද පියවර ගෙන ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories