සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන, ඒ ඒ ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව නියමිත වේලාවන් තුළදී පමණක් නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.
මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඇඳිරිනීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඞ්-19 වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය විධි පිළිපැදීමේ කොන්දේසියට යටත්ව මෙම අවසරය ලබා දී ඇතැයි සඳහන්.
එම කොන්දේසියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් සුදුසු නෛතික පියවර ගනු ඇති.
මත්පැන් කර්මාන්තය සම්බන්ධයෙන් උපරිම මට්ටමේ කර්මාන්ත විනයක් පවත්වාගෙන කටයුතු කිරීමට සියළුම සුරාබදු නිලධාරීන් වෙත මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.