මිනිස් සිරුරට අහිතකර අධික රස්නය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ.

එහි ආසන්නතම මරණය පෙරේදා (09) වාර්තා වී ඇති අතර අතර, මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, පුත්තලයිකට්ටුවාන් පදිංචිව සිටි සිවඥානම් ජයකුමාර් නමැති 45 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා දහවල් මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර නිවසෙට පැමිණි අවස්ථාවේ මිදුලේ ඇද වැටී තිබේ.

එහිදී ඔහුගේ දියණිය ඔහු පරීක්‍ෂා කර බැලීමේදී සිහිසුන්ව සිටි නිසා අසල්වැසියන් සමග එක්ව තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කළ බව සඳහන්.

මියගිය අයගේ මෘත ශරීරය යාපනය ශීක්‍ෂණ රෝහලට යවා සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවී ඇත්තේ අධික රස්නය නිසා ඔහු විජලනය හේතුවෙන් මියගොස් ඇති බවයි.

Similar Posts