මධ්‍යම කදුකරයට ඇද හැලෙන දැඩි වැසි තත්වයන් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ එළවලු වගාවන් විනාශයට පත්විමත් සමග එම ප්‍රදේශයේ එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බගවන්තලාව, ටින්සින් යන ප්‍රදේශවල එලවලු ගොවියන් පවසනුයේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත් විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තමන් නය ලබා ගෙන එලවලු වගාවන් සිදු කල බවත් එම එලවලු වගාවන් වැසි හේතුවෙන් විනාශයට පත්ව ඇති බවත් මෙම තත්වයන් මත තමන්ට තමන් ලබා ගත් නය ගෙවිමටද නොහැකි තත්වයක් පවතින බවද ඔවුන් පවසති.

කොවිඩ් වසංගතයන් සමග මේ වන විට තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එවන් තත්වයන් මත මෙම ප්‍රදේශයට පවතින වැසි හේතුවෙන් තම එලවලු වගාවන්ද මෙසේ විනාශයට පත් විමත් සමග තමන් කබලෙන් ලිපට වැටි ඇති බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts