දික්ඔය ඇල රක්ෂිතය හා එහි පරිසරය විනාශ කරමින් අනවසරයෙන් මැණික් ගැරිම්වල යෙදි සිටි හය දෙනකු හෙටන් පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව කරන ලද විමසිමකදී අදහස් දැක්වු හෙටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ දික්ඔය ඇල රක්ෂිතය හා එහි පරිසරයද එහි ඇල මාර්ගයද විනාශ කරමින් පිරිසක් අනවසරයෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලිමට පියවර ගත් බවත්ය.

එම වැටලිමේදී එහි අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හය දෙනකු හා මැණික් ගැරිමට උපයෝගී කර ගන්නා උපකරණද අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා හෙටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

More Stories