නව වසරට සුභාසිරි පතමින් හැටන් දික්ඔය නගර සභා මැතිවරණයට තරග කිරිමේ ඉගි පල කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතාගේ අනුගාමිකයන් පිරිසක් පියවර ගෙන ඇත.
මේ වන විට නන්දකුමාර් මහතාගේ මෙම අනුගාමිකයන් පිරිස විසින් හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා නන්දකුමාර් මහතා මැතිවරණයට ඉදිරිපත් විම සනිටුහන් කරමින් පොස්ටර් ව්‍යාපාරයක්ද ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි නන්දකුමාර් මහතාගේ අනුගාමිකයකු පවසන ලද්දේ ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයේදි හැටන් දික්ඔය නගර සභාවට අලගමුත්තු නන්දකුමාර් මහතා තරග කිරිමට පියවර ගන්නා බවත් ඔහුගේ ජයග්රහානය වෙනුවෙන් කැප වන බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්