money

හැටන් දික්ඔය නගර සභාව මගින් 2025 වර්ෂය සදහා අය වැය ලේඛනය එලි දැක්විම 31වන දින සිදු කරන ලදි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම නගර සභාවේ 2025 වර්ෂයේ අපේක්ෂිත අදායම රුපියල් විසිහත් කෝටි විසි එක් ලක්ෂ විසි නවදාහාස් හාරසියයක් අතර අපේක්ෂිත වැය රුපියල් විසිහත් කෝටි විසි එක් ලක්ෂ විසිහත් දාහාස් පන්සිය විස්සක් බවත්ය.
මෙහිදි වරිපනම් බදු එකතු කිරිම, කඩ කුලි, බලපත්‍ර ගාස්තු, සේවා ගාස්තු, මුද්දර ගාස්තු, වරේන්තු හා දඩ මුදල් ආදියෙන් මෙම ආදායම් ලබා ගැනිමට අපේක්ෂා කරන බවත් 2025 වර්ෂයේදි මෙම නගර සභා බල ප්‍රදේශයේ සිදු කිරිමට අපේක්ෂත සංවර්ධණ කටයුතු සදහා රුපියල් හය කෝටි දස ලක්ෂ විසිපන් දාහාක් වෙන් කර ඇති බවත් ඔහු පැවසිය.
එම සංවර්ධණ යෝජනා අතර හැටන් බස් නැවතුම් පල භුමියේ වැසිකිලි පද්දතිය නවිකරනය කිරිම, මාර්ග පද්දති නවිකරනය කිරිම, හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියට නව විදුලි පහන් පද්දතියක් සවි කිරිම දික්ඔය නගර ශාලාව නවිකරනය කිරිම ප්‍රධාන තැනක් ගන්නා බවත් මෙම සංවර්ධණ යෝජනා සමග විවිධ සංවර්ධණ යෝජනා 52ක් 2025 වර්ෂය තුලදි ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බවද ඩි. වි. පි. බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories