දික්ඔය අලුත්ගම ප්‍රදේශයේ ජිවත් වන පවුල් 40ක් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක් හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
ඩෙන්මාර්ක්හි රාජ්‍ය නොවන සංවිධානයකින් ලද මුල්‍ය ආධාර ප්‍රථිපාදනවලින් මෙම වියළි ආහාර ලබා දිමට පියවර ගත් බවත් සහාල්, පිටි, සිනි, පරිප්පු, වැනි අතවශ්‍ය ආහාර වර්ගවලින් සමන්විත මෙම වියළි ආහාර පාර්සල් සකස් කිරිමට පියවර ගත් බව අලගමුත්තු නන්දකුමාර් මහතා පැවසිය.
දික්ඔය අලුත්ගම ප්‍රදේශයේ ජිවත් වන එම පිරිස් ඉතාමත් අසරන පිරිසක් බවත් ඔවුන්ගේ එම අසරනතාවයන් පිලිබදව අවධානය යොමු කර මෙසේ එම පිරිසට වියළි ආහාර පාර්සල් ලබා දිමට පියවර ගත් බවද අලගමුත්තු නන්දතුමාර් මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories