lockdown news today

රටපුරා පවතින කොවිඩ් 19 වෛරස අවධානම හේතුවෙන් දිගු සති අන්තයේ අනුරාධපුර හා පොලොන්නරුවේ කණ්ඩායම් වශයෙන් වන්දනාවේ පැමිණීම සීමාකරන ලෙසත් පිටස්තරින් පැමිණෙන පුද්ගලයන් විශේෂ මාර්ග බධාක යොදා සෞඛ්‍ය කණ්ඩායම් අහඹු පී.සී.ආර් පරික්ෂණ සදහා යොදවන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (23දා) උදෑසන පැවසුවේය.

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපානන් හා රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපානන් බැහැදැක උන්වහන්සේලාගෙන් ලබාගත් අනුශාෂනා හා සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි හදිසි තීරණයට පැමිණි බව ආණ්ඩුකාරවරයා උතුරු මැද පළාත් සභා ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය.

එහිදි වැඩිදුරටත් කථා කළ ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා.උදෑසන මම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂතුමා ආරක්ෂක අංශ අතුළු කොරෝනා මර්ධන කමිටුව එක්වෙලා රටතුළ ඇතිවෙලා තියන තත්වය පිළිබදව අටමස්ථාන නාහිමිවරුන් සමග සාකච්ඡා කළා.උන්වහන්සේලා අපිට ඉහළින්ම විශේෂ සහයෝගයක් ලබාදුන්නා.

මේවනවිට අනුරාධපුර නගරය තුළ කොවිඩ් අවධානමක් මතුවෙලා තියනවා.ඒ අවධානම පිටස්තර ප්‍රදේශ වලටත් පැතිරිලා යන්න පුළුවන්.පසුගිය දින කිහිපයේ පිටස්තරින් පැමිණි පිරිස් නිසා ප්‍රදේශයේ වෛරසය පැතිරිලා තියනවා කියලා සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබෙනවා.

දිගු සති අන්තයක් තියනවා ඒ නිසා වන්දනාවේ පැමිණෙන පිරිස් වැඩිවුනොත් නැවත කොවිඩ් අවදානම පළාතේ වැඩිවෙන්න පුළුවන්.එම වැඩිවීම විශාල ප්‍රතිශතයක් බවට පත්වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය අංශ දැඩිව අනතුරු අගවලා තියනවා.

එම තත්වය අවමකර ගන්න නිවාඩු සති අන්තය දිස්ත්‍රීක්ක දෙකට පැමිණිම වහාම සීමාකරන්න කියලා අපි පිටස්තර ප්‍ර දේශවල මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.පිරිස් වශයෙන් වන්දනාවේ හා සීලසමාධානය සදහා පැමිණිම අඩු කරන්න.අපි තීරණයක් අරගන්නවා එන පිරිස වැඩියි වගේ නම් හදිසි මාර්ග බාධක යොදලා ආරක්ෂක අංශ සහය සමග පී.සී.ආර් පරික්ෂණ සිදුකරන්න.

ඒ හරහා අනුරාධපුර හා පොළොන්නරුවට පිටස්තරින් පැමිණෙන පිරිස් වලට අනවශ්‍ය කරදර වලට මුහුණ දෙන්න සිදුවෙයි.අනව්‍යශ අවහිරතා ඇති නොකරගෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලා සිටිනවා.අපි නාහිමිවරුන් සමග කළ සාකච්චාවේදි උන්වහන්සේලා ඉතා ඉහළින් ඊට සහයෝගය දැක්වූවා යනුවෙන් ආණ්ඩුකාරවරයා පැවසුවේය.

පවතින තත්වය නිසා ඇතිව තිබෙන අවධානම සම්බන්ධයෙන් අනුශාෂනාවක් කළ රුවන්මැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම සිරිනිවාස නාහිමිපානන්.රටතුල නැවතත් කොවිඩ් අවධානමක් ඇතිවෙමින් පවතිනවා.

පවතින තත්වය පිළිබදව සෞඛය අංශ අනතුරු අගවමින් පවතින්නේ.දිගු සති අන්තයක් තිබෙනවා.ඒ නිසා රටෙත් පළාතෙත් යහපත උදෙසා අනුරාධපුර පොලොන්නරුව ප්‍රදේශවල වන්දනාවේ පැමිණිමෙන් වලකින්න කියලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඒක ලොකු පිංකමක් යනුවෙන් නාහිමියන් පැවසුහ.

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එන්.සී.ඩී ආරියරත්න වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක උතුරු මැද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ 21 වන බලසේනා ආඥාපති මොහාන් රත්නායකමහතා ඇතුළු අනුරාධපුර දිසාපති වෙනුවෙන් අතිරේක දිසාපති රුවන් නවරත්න යන පිරිසක් සාකච්ඡාවට එක්විය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories