money

පසුගිය පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 7 ඉක්මවූ ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම කාලසීමාව තුළ වාහන දෙලක්ෂ 56,225 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලණිගම පිවිසුම් අතරදී ඊයේ රාත්‍රියේ රිය අනතුරු 06 ක් සිදුව තිබේ.

එම අනතුරුවලින් වාහන 26 කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

නියමිත පරතරය තබාගෙන වාහන ධාවනය නොකිරීම හේතුවෙන් එම අනතුරු සිදුව ඇති බවද පොලීසිය පැවසුවා.

Similar Posts