කොවිඩ් 19 වසංගතය නැවත ඉස්මතුවිමත් සමග 2020 වර්ෂයේ හැටන් නගරයේ දිපවාලි උත්සව තාවකාලික වෙලදාම් සියල්ල තහනම් කිරිමටත් දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දැමිමට යුධ හමුදාපතිගෙන් ඉල්ලා සිටිමටද හැටන් දික්ඔය නගර සභාව මගින් 23වන දින තිරණය කරන ලදි.

එම නගර සභාවේ ස‍භාපති එස්. බාලචන්ද්‍රන් මහතා නගර සභා රැස්විමේදි පවසන ලද්දේ දිපවාලී උත්සව සමය නිමිති කර ගෙන නගරයේ තාවකාලික වෙලදාම් කිරිමට ඉඩම් කොටස් වෙන්දේසි කිරිමෙන් නගර සභාවට ආදායමක් ලැබුනද පවතින කොවිඩ් වෛරසය හමුවේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිලිබදව දැඩි අවදානය කල යුතු බැවින් මේ පිලිබදව නාගරික මංත්‍රිවරුන්ගේ අවදානය යොමු කල යුතු බවත්ය.

එහිදි අදහස් දැක්වු නාගරික මංත්‍රි එස්. වීජයානන්දන් මහතා පවසන ලද්දේ දිපවාලි උත්සවය හිංදු ජනතාවගේ වීශේෂ උත්සවයක් වුවත් මෙහි ජනතාවගේ ආරක්ෂාව වැදගත් බවත්ය.

දිපවාලි වීශේෂ වෙලදාම් සදහා පිටස්තර වෙලදුන් පැමිනෙන බැවින් එම තත්වයන් මත මෙහි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ඇතිවිය හැකි බැවින් මෙවර දිපවාලී වීශේෂ වෙලදාම් නතර කිරිම කාලෝචිත බවත්ය.

මෙහිදි අදහස් දැක්වු නාගරික මංත්‍රි ඒ. පි. අනුරද සිල්වා මහතා පවසන ලද්දේ දිපවාලී වීශේෂ වෙලදාම් සදහා කොළඹ වැනි ප්‍රදේශවල සිට විශාල පිරිසක් පැමිනෙන බැවින් නගර සභාවට ලැබෙන ආදායමට වඩා ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව පිලිබවද අවදානය යොමු කල යුතු බැවින් මෙවර දිපවාලී විශේෂ වෙලදාම් නතර කිරිම හොද දෙයක් බවත්ය.

මෙහිදි අදහස් දැක්වු නගෙරික මංත්‍රි ශෂි රත්නායක මහතා දිපවාලි තාවකාලික වෙලද සැල් ලබා දිමෙන් නගර සභාවට ලැබෙන අදායමට වඩා මෙහි ජනතාව ගැන සිතිය යුතුයි එම නිසා මෙවර දිපවාලි තාවකාලික වෙලදාම් නතර කිරිමට පියවර ගනිමු එමෙන්ම මෙහි සමහර වෙලද සැල්ද මෙම දිපවාලි සමයේදි පිටස්තර වෙලදුන්ට ලබා දිමත් තහනම් කල යුතුයි.

මෙහිදි අදහස් දැක්වු නාගරික මංත්‍රි කුමාර කරුණාසිරි මහතා පවසන ලද්දේ මෙම ප්‍රදේශයට පිටස්තර වෙලදුන් ආවත් පිටස්තර ජනතාව ආවත් එකයි එම නිසා මෙයට ස්ථිර වැඩ පිලිවෙලක් අවශ්‍යයි හැටන් නගරයේ වසා තිබෙන සමහර වෙලද සැල් දිපවාලි සමයේදි පිටස්තර වෙලදුන්ට ලබා දිම සිදු කරනවා එම නිසා මෙවර දිපවාලි තාවකාලික වෙලදාම් නතර කරනවා වගේම මෙහි වසා ඇති වෙලද සැල් පිටස්තර වෙලදුන්ට ලබා දිමත් තහනම් කල යුතුයි.

මෙහිදි පුද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරමින් අදහස් දැක්වු නාගරික මංත්‍රි එස්. කේෂවමුර්ති මහතා පවසන ලද්දේ 2020/11/14වන දිනට යෙදි ඇති දිපවාලී උත්සවය සැමරිමට කොළඹ හා පිටස්තර ප්‍රදේශවල රැකියා කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහුතරව වෙසෙන හින්දු බැතිමතුන් මෙම ප්‍රදේශයට පැමිනිනෙන බැවින් මෙම ප්‍රදේශයට කොරෝනා අවදානමක් පැවතිය හැකි බැවිත් එම තත්වයන් හේතුවෙන් දිපවාලියට පෙර දින තුනක්ද, දිපවාලි දින දෙකද, දිපවාලියට පසු දින තුනක්ද ලෙස සතියක කාලයක් නිරෝධාන ඇදිරිය පවරන ලෙස යුධ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටිමට පියවර ගත් බවත්ය.

මේ පිලිබදවද සකච්චා කල නගර සභාව මෙවර තාවකාලික දිපවාලි වෙලදාම් නතර කිරිමටත් දිපවාලි උත්සව සමයේදි ඇදිරි නිතිය පැනවිමට ඉල්ලා සිටිමටත් තිරණය කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories