රජය කෘමිනාශක වර්ග තහනම් කිරීමත් සමග තවත් අසරණභාවයට පත්ව ඇති බව තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ මල්ගෝවා ගොවීහු පවසති.
මල්ගෝවා කිලෝව රුපියල් 300ක් වැනි මිලට අලෙවි කළ හැකිවන අතර සාමාන්‍යයෙන් අක්කරයකින් කිලෝ 5000කට ආසන්න අස්වැන්නක් ලබා ගන්නා බවද ඔවුහු පවසති.
එහෙත් මෙවර අස්වැන්න නෙළීමට දින 15ක් වැනි කාලයක් තිබෙද්දි දියමන්ති සමනලයා නමැති කෘමියකු එම වගාවට හානි කිරීමට පටන්ගෙන සම්පූර්ණ වගාවටම එම සතා ව්‍යාප්ත වූ බවත් ඒ හේතුවෙන් මල්ගෝවා අක්කර 60ක් පමණ විනාශ කිරීමට සිදුවූ බවත් ගොවියෝ පෙන්වා දෙති.
පසුගිය වර්ෂයේ මහවැලි කලාප තරගයෙන් හොඳම ගොවියන්ගෙන් දෙවන ස්ථානයට පත්වූ එච්.එම්.සුපුන් මධුසංක මහතා මෙසේ පැවැසීය.
“අපි හැමදාම කරන්නේ ගොවිතැන. අපිට වෙන දෙයක් කරන්න බැහැ.මම පහුගිය අවුරුද්දේ මහවැලි කලාප අතර ගොවි තරගයෙන් හොඳම ගොවියන්ගෙන් දෙවන තැනට පත්වුණා. අපි දවල් තිස්සේ නැහිලා රෑට වල් අලියාගෙන් වගාව රැක ගන්න ඔට්ටු වෙනවා.
අපිට දවාලක් රැයක් නැහැ. මාස ගණනක් දුක්විඳලා තියෙන සේසතම උකස් කරලා ගොවිතැන් කරන්නේ ජීවිතය ගැට ගහ ගන්න ඒත් කරුමෙට අපිට කෘමිනාශකයි ,පොහොරයි වෙළෙඳපොළේ නැහැ. මාස ගාණක් දරුවෙක් වගේ මේ වගාව රැක ගත්තා. හැබැයි අස්වැන්න නෙළන්න ළං වෙද්දි මේ දියමන්ති සමනළයා කියන කෘමියා වගාවට ආවා.මම හැමතැනම ඉන්න මේ සම්බන්ධයෙන් දන්න අයට කියලා උදව් ඉල්ලුවා. ඒත් කිසිම තැනක ඒ අය කීව කෘමිනාශකය මිලදී ගන්න තැනක් තිබුණේ නැහැ.දැන් අපි මේ කොටු කපලා දාලා එකතු කරලා ගිනි තියෙනවා. මෙදා පාර අපේ ගොවියට කන්න වෙන්නේ වහ.”
ceylon today epaper, journey to the center of the earth 2, the island, daily news sri lanka, daily mirror sri lanka, sri lanka news papers sinhala,
ceylon daily news, jaffna news papers uthayan, lanka news paper, sri lanka tamil news papers, places to visit in nuwara eliya,