කොටගල ක්‍රිෂ්ලට් ෆාම් ප්‍රදේශයේ සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇති අතර එම තත්වයන් මත එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම ප්‍රදේශයේ සැරි සරන දිවියන් රාත්‍රි කාලයේ එම ප්‍රදේශයේ නිවෙස් අසලට පැමිනෙන අතර රාත්‍රි කාලයේ එම නිවෙස්වල ඇති කරන සුනඛයන් කුකුලන් ඇද ගෙන යාමත් සමග රාත්‍රි කාලයේ එහි ජනතාව නිවෙස්වලින් එලියට බැසිමට පවා බියකට පත්ව ඇත.

මේ පිලිබවද අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ තම නිවෙස් අසල සැරි සරන මෙම දිවියන් හේතුවෙන් තමන් දැඩි බියකට පත්ව ඇති බවත්ය.

තම නිවෙස් අසල රාත්‍රි කාලයේ සැරි සරන මෙම දිවියන් තම නිවෙස්වල ඇති කරන බල්ලන් කුකුලන් ද ඇද ගෙන යන බවත් මේ පිලිබද අදාල බලධාරින්ට දැනුම් දුන්නද ඔවුන් පවසනුයේ සැරි සරන්නේ කල වැද්දන් බවත්ය.

එහෙත් තම නිවෙස්වල ඇතිකරන බල්ලන් ඇද ගෙන යන අයුරු සි.සි.ටි. වි. කැමරාවල සටහන්ව ඇති බවද එම ජනතාව පවසති.

මෙසේ දිවියන් තම නිවෙස් අසල සැරි සැරිමත් සමග තමන් මේ වන විට දැඩි බියකට පත්ව ඇති බවත් මෙම දිවියන්ගෙන් තම ජිවිතවලටද හානි සිදුවිමේ අවදානමක් පවතින බවද ඔවුන් පවසති.

මෙම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය යොමු කර මෙම දිවියන් මෙම ප්‍රදේශයෙන් ඉවත් කිරිමට පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories