death

සුව කළ නොහැකි රෝගාබාධ නිසා වේදනා විඳින පුද්ගලයන්ට ජීවිතය අවසන් කර ගැනීම සඳහා නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. ස්විට්සර්ලන්තය, ඔස්ටි්‍රයාව, ස්පාඤ්ඤය, කැනඩාව, කොලම්බියාව නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග් වැනි රටවල් ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකියි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ  මහජන මන්ත්‍රී මණ්ඩලයට  මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබුණේ මේ වනවිට එරට ආණ්ඩු බලය හොබවන කම්කරු පක්‍ෂයේ මන්ත්‍රීවරියක වන කිම් ලෙඩ්බීටර්. මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ මේ පිලිබඳ විවාද කිරීමෙන් පසු මෙයට ටික දිනකට පෙර ඡන්ද විමසීමක් පැවැත්වුණා. මෙහි දී වැඩි ඡන්ද 55 කින් මෙම පනත් කෙටුම්පත සම්මත වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් අනුමත වූ පමණින් මෙය නීතියක් බවට පත් වන්නේ නැහැ. ඒ සඳහා එය ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සාමි මන්ත්‍රී මණ්ඩලයෙනුත් (House of Lords) සම්මත විය යුතුයි. මන්ත්‍රී මණ්ඩල දෙකෙන්ම කෙටුම්පත සම්මත වුවහොත් සුව කළ නොහැකි රෝගාබාධවලින් පෙලෙන එංගලන්ත සහ වේල්ස වැසියන්ට අනාගතයේ දී වෛද්‍යවරුන්ගේ උපකාරය ඇතිව ජීවිතය කෙළවර කර ගැනීමට අවසර ලැබේවි.

More Stories