badweather

පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මිලි මීටර් 200 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 09 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කෙරුණු දිස්ති‍්‍රක්කයි.

කලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුලු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා පහත් බිම් රැසක් අද (16) වනවිට ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාවත් සමඟ  ගිංගගේ  තවලම ජලමාපකයේ ජල මට්ටම  අද (16) උදැසන වනවිට මිටර් 4.32ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු චාමර යාපාආරච්චි මහතා පවසයි.

ජලමට්ටම වැඩිවිමත් සමඟ නෙළුව තවලම යන ප්‍රදේශ  ගංවතුර  අවදානම් මට්ටම ආසන්යේ පවතින බවද  ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට රාත්‍රියේ සිට (16) දින අලුයම තෙක් කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.

ඇද හැලුණු අධික වර්ෂාවත් සම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින අතර , නොටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (16) දින අලුයම සිට වාන් දැමිමට පටන්ගෙන ඇති අතර , ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 6 බැගින් විවෘතකර ඇත.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි තේ වත්ත ප්‍රදේශයෙන් කොටසක් නාය ගොස් ඇත.

More Stories