කොළඹ , ගම්පහ ,කළුතර , පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද අලුයම 5.00 ඉවත් කර රාත්‍රී 8.00 යළි පැනවෙනවා. කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි මස 4 වන දා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 40,095 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. එම කාලය තුළ රථවාහන 10332ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රැකියා සඳහා පිටත් වන්නන් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන්ට හැඳුනුම්පතේ අවසන් අංකය අදාළ නොවන බව පොලීසිය පැවසුවේය.

ඇදිරි නීතිය ඉවත් කළ කාලය තුළ ද නිරෝධායන නීති උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

More Stories