කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද(26) උදෑසන 6ට ඉවත් කෙරිණි.

අද (26) උදේ 6.00ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි ක්‍රීයාත්මක වෙන බවද දැනුම් දෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රීයාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රිතයාත්මක ඇඳිරි නීතිය හෙට (27) සිකුරාදා උදේ 6.00 ට ලිහිල් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබෙනවා.

මේ දිස්ත්‍රික්කවල එසේ යළි පැනවූ ඇඳිරි නීතිය මාර්තු 30 සඳුදා 6.00ට ඉවත්කොට එදිනම දහවල් 2.00ට නැවත ක්‍රියාත්මක කෙරෙනවා.

Similar Posts