අද මාර්තු 30 (බදාදා) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක් බොහෝ ප්‍රදේශ සඳහා බලපාන අතර අලුතින් MNO සහ XYZ යනුවෙන් කලාපද හඳුන්වාදී තිබේ.

මෑත කාලයේ සිදුවූ දීර්ඝතම විදුලි කප්පාදුව අද සිදුවේ.

‘ඒ’ සිට ‘ඉසෙඩ්’ දක්වා කලාප 26 ටම පළමු වරට පැය 10 ක් විදුලිය කප්පාදු කිරීම මෙහිදී කැපී පෙනේ.

‘ඒ’ සිට ‘එස්’ කලාප 20 ට පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී දක්වා කාලය තුළ පැය 10 ක් ද, එම්, එන්, ඕ, එක්ස්, වයි සහ ඉසෙඩ් යන කළාප හයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අඛණ්ඩව පැය 10 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කීය.

More Stories