මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයෙන් සිසු සිසුවියන් තුන්දාහාස් හත් සිය අසු අට දෙනකු (3788) පෙනි සිටින බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි. ශ්‍රිධරන් මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථාන තිස් හතරක (34) මෙම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බවත් මෙම මධ්‍යස්ථානවල සිංහල මාධ්‍ය සිසු සිසුවියන් එක්දාහාස් හයසිය හත් දෙනකුද (1607) ද්‍රවිඩ මාධ්‍ය සිසු සිසුවියන් දෙදහස් එකසිය අසු එක් දෙනකුද (2181) ශීෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටින බවත්ය.
හැටන් අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන සියලුම විභාග මධ්‍යස්ථාන විෂබිජ හරනය කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටින සියලුම දුදරුවන්ට තමන් සුභ පතන බවත් වැඩි දුරටත් පවසනස ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්