train

දුම්රිය ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලයට අද දිනයේදී ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ එකගතාව ලබාගැනීම එහි අරමුණ බවයි.

දුම්රිය ගාස්තු සංශෝධනය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති.

More Stories